28.2 C
Galle

අංගොඩ මානසික රෝහලේ කොරෝනා පොකුරක්

Published:

අංගොඩ මානසික රෝහලේ සිටින මානසික ගැටලුවලට ලක්ව සිටින 200ක පමණ පිරිසකට කො‍රෝනා ආසාදනය වී ඇතැයි සෞඛ්‍ය අංශ පවසයි.

එම රෝහලේ අතරමැදි නිවාසය යනුවෙන් හදුන්වන ගොඩනැගිල්ලක සිටින පිරිසක් මෙලෙස ආසාදිතයන් බව හඳුනාගෙන තිබේ.

සෞඛ්‍ය අංශ පවසන්නේ ඔවුන් වසර ගණනාවක් තිස්සේ එහි ප්‍රතිකාර ලබා තරමක් සුවය ලැබූ අය බවයි. මේ අතර වයස අවුරුදු 60 වැඩි ඉහළ මානසික රෝගී තත්වයක් සහිත කාන්තාවන් කිහිප දෙනකු සහ පිරිමි කිහිප දෙනකු ද සිටින බව පැවසේ.

Related articles

Recent articles

error: Content is protected !!