28.2 C
Galle

හිස නැති මළ සිරුර කරාපිටිය ශික්ෂණ රෝහලට යවයි

Published:

ගාල්ල සමුද්‍ර මාවත ආසන්න මුහුදේ පාවෙමින් තිබූ හිස නැති මළ සිරුර පොලිසිය මැදිත් වී ගොඩට ගෙන නිරෝධායන ක්‍රම භාවිතා කරමින් කරාපිටිය ශික්ෂණ රෝහලේ මෘත ශරීරාගාරයට අද (02) දහවල් යවනු ලැබීය.

එම සිරුර දින කිහියක් මුහුදේ පාවෙමින් තිබෙන්නට ඇති බව පොලිසිය පවසයි. ඉදිමී නරක්වී තිබූ එම සිරුර පිරිමි පුද්ගලයකුගේ බව ද වයස අවුරුදු 30-40 අතර පමණ වයසක පසුවන අයකුගේ විය හැකියයි ද පොලිසිය අනුමාන කරයි.

කරාපිටිය රෝහලට සිරුර යැවීමෙන් පසු මහේස්ත්‍රාත් නියෝග මත ඒ සමබන්ධ වැඩිදුර පරීක්ෂණ සිදුකිරීමට නියමිත අතර ගාල්ල මූලස්ථාන පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.

Related articles

Recent articles

error: Content is protected !!