29.8 C
Galle

අසැබි දර්ශන පටිගත කළ යුවළ හැදූ එවැනිම දර්ශන රැසක් ගැන අනාවරණය වෙයි

Published:

පහන්තුඩාව ඇල්ලේ දී අසභ්‍ය වීඩියෝ දර්ශන පටිගත කර අන්තර්ජාලයට මුදාහැරි බවට සැකපිට අත්අඩංගුවට ගෙන පොලිස් ඇප මත මුදාහරින ලද දෙදෙනා විසින් පටිගත කරන ලද එවැනිම වීඩියෝ පට 40ක් පමණ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් හඳුනාගෙන තිබේ.

ඔවුන් රටේ විවිධ ප්‍රදේශවලට ගොස් ඒවා රූගත කර ඇති අතර එම වීඩියෝ පට අන්තර්ජාලයට මුදාහරිමින් වසර කිහිපයක් පුරා මුදල් උපයා ඇති බව ද අනාවරණය වී තිබේ.

එම දර්ශන සියල්ල ඇමෙරිකාවේ සිට ක්‍රියාත්මක වන වෙබ් අඩවියකට මුදාහැර ඇති බව ද පරීක්ෂණවලින් හෙළි වී ඇත.

අත්අඩංගුවට ගත් තරුණයාට කොරෝනා ආසාදනය වී තිබීමත්, තරුණිය ඔහුගේ ආශ්‍රිතයකු වීමත් හේතුවෙන් ඔවුන් දෙදෙනා ඊයේ (03) පොලිස් ඇප මත මුදා හැරිණි. ඉදිරියේ දී ඔවුන් දෙදෙනාගෙන් මේ සම්බන්ධ දීරඝ ලෙස ප්‍රශ්නකිරීමට නියමිත බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරියකු කීවේය.

Related articles

Recent articles

error: Content is protected !!