27.6 C
Galle

යාපනයේ මිදිවලට දඹුල්ලේ දී ඉල්ලුම වැඩිවේ. එළවළු තොග මිල පහළ වැටේ

Published:

යාපනයෙන් ලැබුණු මිදි තොගවලට දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ අද (06) හොඳ ඉල්ලුමක් ඇතැයි වෙළෙන්දෝ පවසති.

හොඳ තත්වයේ පවතින මිදි කිලෝවක් රුපියල් 300.00ක මිලකට අළෙවි වන අතර මධ්‍යම ප්‍රමාණයේ මිදි කිලෝවක් රුපියල් 200.00 වැනි මුදලකට තොග වශයෙන් අළෙවි වෙයි.

පෙර දිනයේ දඹුල්ලට ලැබී තිබූ එළවළු පිට පළාත්වලින් පැමිණි වෙළෙන්දන් විසින් රැගෙන ගොස් තිබීම හේතුවෙන් අද (06) වනවිට එළවළු තොග මිල පෙර දිනයට සාපේක්ෂව 40%කින් පමණ අඩු වී තිබිණි.

Related articles

spot_img
error: Content is protected !!