29.8 C
Galle

සී ටී හෝල්ඩින්ස් සමාගම වැඩිම පිරිවැටුම වාර්තා කරයි

Published:

අද (27) දින කොළඹ කොටස් වෙළඳපල ගනුදෙනු අවසානයේ රුපියල් මිලියන 306ක කොටස් ප්‍රමාණයක් ගනුදෙනු වූ සී ටී හෝල්ඩින්ස් සමාගම දිනය තුළ වැඩිම පිරිවැටුමක් වාර්තා කරන ලදී.

අද කොටස් වෙළඳපල ගනුදෙනු 15,692ක් සිදුකරමින් සමස්ත පිරිවැටුම රුපියල් මිලියන 1,434ක් වාර්තා වූ අතර කොටස් මිල දර්ශකය ඒකක 46ක් පහළ යාම හේතුවෙන් දිනය අවසානයේ සමස්ත කොටස් මිල දර්ශකය වාර්තා වූයේ ඒකක 21,198ක් ලෙසිනි. සංවෘත කවයේ ගනුදෙනු රුපියල් මිලියන 453කි.

වැඩිම පිරිවැටුමකින් කොටස් ගනුදෙනු වූ සමාගම්

  • සී ටී හෝල්ඩින්ස් සමාගම මිලියන 306
  • හැටන් නැෂනල් බැංකුව මිලියන 125
  • ජනශක්ති රක්ෂණ සමාගම මිලියන 86

වැඩිම කොටස් ප්‍රමාණයක් ගනුදෙනු වූ සමාගම්

  • ආසිරි සර්ජිකල් සමාගම කොටස් මිලියන 3.9
  • බ්‍රවුන්ස් ඉන්වෙස්ට්මන්ට් සමාගම කොටස් මිලියන 3.3
  • එස් එම් බී ලීසින් එක්ස් සමාගම කොටස් මිලියන 03

වැඩිම ප්‍රතිශතයකින් කොටස් මිල ඉහළ ගිය සමාගම්

  • එම් බී එස් එල් සමාගම 10%
  • ආසිරි සර්ජිකල් සමාගම 06%
  • ඒහොට් ප්‍රොපටි සමාගම 06%

අද දිනය අවසානයේ වටිනාම සමාගම

  • ඩයලොග් ආසියාටා සමස්ත වත්කම් රුපියල් බිලියන 437
  • කොමර්ෂල් බැංකුව සමස්ත වත්කම් රුපියල් බිලියන 347
  • ලංකා දුම්කොල සමාගම සමස්ත වත්කම් රුපියල් බිලියන 342

විදේශ ආයෝජකයන් අද දිනයේ රුපියල් මිලියන‍ 62ක කොටස් මිල දී ගත් අතර රුපියල් මිලියන 41ක කොටස් විකුණා තිබිණි. ඒ අනුව ඔවුන් රුපියල් මිලියන 21ක මුදලක් කොටස් වෙළෙඳ පොළ තුළ ආයෝජනය කර ඇත.

විදේශ ආයෝජකයන් කොටස් මිලදීගත් සමාගම්

  • කොමර්ෂල් බැංකුව රුපියල් මිලියන 29
  • සම්පත් බැංකුව රුපියල් මිලියන 08
  • පික්මී සමාගම රුපියල් මිලියන 05

විදේශ ආයෝජකයන් විසින් කොටස් විකුණන ලද සමාගම්

  • ඩයලොග් ආසියාටා රුපියල් මිලියන 37

විශ්ලේෂණය – නීතිඥ රජීන්ද්‍ර නාරංගොඩ

Related articles

spot_img
error: Content is protected !!