අද (26) දින කොළඹ කොටස් වෙළඳපල ගනුදෙනු අවසානයේ විදේශීය ආයෝජකයන් විසින් රුපියල් මිලියන 105ක කොටස් මිලදීගෙන ඇති අතර රුපියල් මිලියන 70ක කොටස් විකුණා ඇත. ඒ අනුව ශුද්ධ ලෙස විදේශීය ආයෝජකයන් විසින් රුපියල් මිලියන 35ක මුදලක් අද දිනය තුළ පමණක් කොළඹ කොටස් වෙළඳපල තුළ අලුතින් ආයෝජනය කර තිබේ.
අද කොටස් වෙළඳපල ගනුදෙනු 19,517ක් සිදුකරමින් සමස්ත පිරිවැටුම රුපියල් මිලියන 2,654ක් වාර්තා වූ අතර කොටස් මිල දර්ශකය ඒකක 70ක් පහළ යාම හේතුවෙන් දිනය අවසානයේ සමස්ත කොටස් මිල දර්ශකය වාර්තා වූයේ ඒකක 21,244ක් ලෙසිනි. සංවෘත කවයේ ගනුදෙනු රුපියල් මිලියන 1123කි.
වැඩිම පිරිවැටුමකින් කොටස් ගනුදෙනු වූ සමාගම්
- එච් ඩී එෆ් සී සමාගම මිලියන 370
- ජේ එෆ් පැකේජින් සමාගම මිලියන 327
- කොමර්ෂල් බැංකුව මිලියන 233
වැඩිම කොටස් ප්‍රමාණයක් ගනුදෙනු වූ සමාගම්
- ජේ එෆ් පැකේජින් සමාගම කොටස් මිලියන 18
- රේනුක ඇග්‍රි සමාගම කොටස් මිලියන 07
- ජනශක්ති සමාගම කොටස් මිලියන 06
වැඩිම ප්‍රතිශතයකින් කොටස් මිල ඉහළ ගිය සමාගම්
- ස්ටෑන්ඩඩ් චාටඩ් සමාගම 25%
- ජනශක්ති ඉංෂුවරන්ස් සමාගම 24%
- ඇල්ෆා ෆයර් සමාගම 15%
අද දිනය අවසානයේ වටිනාම සමාගම
- ඩයලොග් ආසියාටා සමස්ත වත්කම් රුපියල් බිලියන 437
- කොමර්ෂල් බැංකුව සමස්ත වත්කම් රුපියල් බිලියන 348
- ලංකා දුම්කොල සමාගම සමස්ත වත්කම් රුපියල් බිලියන 341
විදේශ ආයෝජකයන් අද දිනයේ රුපියල් මිලියන 105ක කොටස් මිල දී ගත් අතර රුපියල් මිලියන 70ක කොටස් විකුණා තිබිණි. ඒ අනුව ඔවුන් රුපියල් මිලියන 35ක මුදලක් කොටස් වෙළෙඳ පොළ තුළ ආයෝජනය කර ඇත.
විදේශ ආයෝජකයන් කොටස් මිලදීගත් සමාගම්
- එච් ඩී එෆ් සී සමාගම රුපියල් මිලියන 50
- පික්මී සමාගම රුපියල් මිලියන 37
- හේලීස් රුපියල් මිලියන 11
විදේශ ආයෝජකයන් විසින් කොටස් විකුණන ලද සමාගම්
- ඩයලොග් ආසියාටා රුපියල් මිලියන 32
- සී අයි සී සමාගම රුපියල් මිලියන 27
- ජේ එෆ් පැකේජින් රුපියල් මිලියන 03
විශ්ලේෂණය – නීතිඥ රජීන්ද්‍ර නාරංගොඩ



