28.1 C
Galle

රිෂාඩ්, බිරිඳ සහ මාමණ්ඩිය යළි රිමාන්ඩ්

Published:

හිටපු අමාත්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රි රිෂාඩ් බදියුදීන්, ඔහුගේ බිරිඳ සහ බිරිඳගේ පියා ලබන 17 වැනි දා දක්වා යළි රක්ෂිත බන්ධනාගාර ගත කරන්න යැයි කොළඹ මහේස්ත්‍රාත් රජින්ද්‍රා ජයසූරිය අද (06) නියෝග කළාය.

එමෙන් ම මෙම සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාරගත කර සිටි මොහොමඩ් ඉස්මත් (රිෂාඩ් බදියුදීන්ගේ මස්සිනා) සහ මියගිය දැරිය එම නිවසට ගෙනවිත් භාරදුන් පොන්නයියා පන්ඩාරම් යන දෙදෙනා ඇප මත මුදාහැරීමට ද මහේස්ත්‍රාත්වරිය නියෝග කරනු ලැබීය.

රිෂාඩ් බදියුදීන්ගේ නිවසේ සේවය කරමින් සිටිය දී පිළිස්සුම් තුවාල සහිතව මියගිය දැරියගේ සිද්ධිය සම්බන්ධයෙන් ඔවුන් අද අධිකරණය හමුවට ඉදිරිපත් කර තිබිණි.  

Related articles

Recent articles

error: Content is protected !!