28.1 C
Galle

පොලිස් මූලස්ථානයේ උප පොලිස් පරීක්ෂක කොරෝනා සෑදී මරුට

Published:

පොලිස් මූලස්ථානයේ පුනරීක්ෂණ හා පර්යේෂණ ඒකකයේ උප පොලිස් පරීක්ෂකවරයකු කොරෝනා ආසාදිතව අද (06) උදෑසන මියගියේය.

මෙලෙස මියගොස් ඇත්තේ වාද්දුව පොතුපිටිය පදිංචි 57 හැවිරිදි දෙදරු පියෙකි.

රෝග ලක්ෂණ ඇතිවීම හේතුවෙන් පසුගිය 19 වැනි දා පොලිස් රෝහලෙන් කරන ලද ඇන්ටිජන් පරීක්ෂණයකින් ඔහු කොරෝනා ආසාදිතයකු බව හඳුනාගෙන තිබිණි. ඉන් පසු හබරාදුව පොලිස් නිරෝධායන මධයස්ථානයට යොමුකළ ඔහු එහි දී අසාධ්‍ය වූවෙන් අගෝස්තු 24 වැනි දා කරාපිටිය ශික්ෂණ රෝහලට ඇතුළත් කෙරිණි.

වකුගඩු රෝගයට ද ප්‍රතිකාර ලබමින් සිටි එම උප පොලිස් පරීක්ෂකවරයා අද උදෑසන මියගියේය.

මරණය සම්බන්ධ හදිසි මරණ පරීක්ෂණය ගාල්ල නාගරික අතිරේක හදිසි මරණ පරීක්ෂක චන්ද්‍රසේන ලොකුගේ විසින් පැවැත්වත්වන ලදී. මෙම මරණය සම්බන්ධයෙන් විශේෂඥ අධිකරණ වෛද්‍ය රුවන් නානායක්කාර විසින් පශ්චාත් මරණ පරීක්ෂණය කළ අතර මරණය සිදුව ඇත්තේ කොරෝනා නිව්මෝනියා තත්වයෙන් බව තීරණය කෙරිණි.

Related articles

Recent articles

error: Content is protected !!