26.5 C
Galle

හෙරොයින් රැගත් විදෙස් බෝට්ටුවක් දකුණු මුහුදේ දී අල්ලයි

Published:

ශ්‍රී ලංකාවට දකුණින් ගැඹුරු මුහුදේ දී හෙරොයින් තොගයක් සහිත විදේශීය බහුදින ධීවර යාත්‍රාවක් අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි.

පොලිස් විෂ මත්ද්‍රව්‍ය නාශක අංශයට ලැබුණු තොරතුරක් අනුව නාවික හමුදාව සමඟ එක්වී මෙම මෙහෙයුමක ක්‍රියාත්මක කර තිබේ.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නිහාල් තල්දූව පවසන්නේ එම මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කරමින් තිබූ ධීවර යාත්‍රාවේ සිටි පුද්ගලයන් 09 දෙනකු ද සැකපිට අත්අඩංගුවට ගත් බවයි.

මෙම සැකකරුවන් සහ මත්ද්‍රව්‍ය තොගය රැගත් ධීවර යාත්‍රාව මේ වනවිට ශ්‍රී ලංකා වෙරළට ළඟා වෙමින් ඇති බව ද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා කීවේය.

Related articles

Recent articles

error: Content is protected !!