26.5 C
Galle

මෝදර මිනී මැරුම සම්බන්ධයෙන් හමුදා බුද්ධි අංශ නිලධාරීන් රඳවා ප්‍රශ්න කිරීමට අවසර

Published:

මෝදර එල්ලේ ක්‍රීඩකයා ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගත් යුද හමුදා බුද්ධි අංශ නිලධාරීන් පස් දෙනකු හෙට (16) දක්වා රඳවා ප්‍රශ්න කිීමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් චන්දිම ලියනගේ අනුමතැයි දී තිබේ.

මෙම ඝාතනය සම්බන්ධයෙන් සැකකරුවන්‍ගෙන් තවදුරටත් ප්‍රශ්න කිරීමට අවශ්‍ය බැවින් පැය 48ක කාලයක් රඳවාගෙන ප්‍රශ්න කිරීමට අවසර දෙන්න යැයි පොලිසිය කළ ඉල්ලීමක් අනුව එම අවසරය ලබා දී ඇත.

මෝදර කාක දූපතට ගොඩගැසූ පිරිමි මළ සිරුරක් සම්බන්ධයෙන් කරන මෙම විමර්ශනයට අදාලව හමුදා බුද්ධි අංශ නිලධාරියකු හා ග්‍රාම නිලධාරිනියක ද අත්අඩංගුවට ගෙන ප්‍රශ්න කරමින් සිටියි.

අත්අඩංගුවට ගත් ග්‍රාම නිලධාරිනිය ඝාතනය ලක් වූ තැනැත්තාගේ බිරිඳ බවත් කොළඹ උතුර කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකය අධිකරණයට කියා සිටියේය.

Related articles

Recent articles

error: Content is protected !!