28.9 C
Galle

ජනාධිපති ගෝඨාභය ඇමෙරිකාවට යයි

Published:

ජනාධිපති ගෝඨාභය රාජපපක්ෂ අද (18) අළුයම ඇමෙරිකාව බලා පිටත්ව ගියේය.

නිව්යෝර්ක් නගරයේ පැවැත්වෙන එක්සත් ජාතීන්ගේ 76 වැනි මහා මණ්ඩල සැසිවාරයට සහභාගී වීම සඳහා ඔහු මෙල පිටත්ව ගිය අතර විදේශ අමාත්‍ය ජී.එල්.පීරිස්, ජනාධිපති උපදේශක ලලිත් වීරතුංග, විදේශ ලේකම් අද්මිරාල් ජයනාත් කොළඹගේ යන අය ද මේ සංචාරය සඳහා එක්ව සිටියේය.

ලබන 22 වැනි දා ශ්‍රී ලංකා ජනාධිපිතවරයාට සමුළුව ඇමතීමට අවස්ථාව හිමිව ඇති අතර ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිධූරයට පත්වීමෙන් පසු දිවයිනෙන් බැහැරව විදේශ සමුළුවකට සහභාගීවන ප්‍රථම අවස්ථාව ද මෙයයි.

සමුළුව අතරතුර ජනාධිපතිවරයා රාජ්‍ය නායකයන් කිහිප දෙනකු සමඟ ද්විපාර්ශ්වික සාකච්ඡා පැවැත්වීමට ද නියමිතව තිබේ.

Related articles

spot_img
error: Content is protected !!