24.9 C
Galle

දියනෑමට ගොස් අතුරුදන් වූ දෙදෙනාගේ සිරුරු ගොඩගනී

Published:

නොර්ටන්බ්‍රිජ් ලොනැක්වත්තේ දියනෑමට ගොස් සිටිය දී ඊයේ (19) සවස අතුරුදන් වූූ දෙදෙනාගේ මළ සිරුරු අද (20) උදෑසන සොයාගත් බව පොලිසිය පවසයි.

පොලිසිය සහ යුද හමුදාව එක්ව සිදුකළ මෙහෙයුමකින් ඔවුන්ගේ සිරුරු සොයාගෙන ඇති.

මෙලෙස මියගොස් ඇත්තේ වයස අවුරුදු 24 සහ 35 පසුවන දෙදෙනෙකි. ඔවුන්ගෙන් එක් අයකු නොර්ටන්බ්‍රිජ් පදිංචිකරුවකු වන අතර අනෙක් පුද්ගලයා හලාවත පදිංචිකරුවෙකි. පොලිසිය පවසන්නේ මේ දෙදෙනාම ලොනැක්වත්ත ගොවිපළක සේවය කර ඇති බවයි.

Related articles

Recent articles

error: Content is protected !!