27.1 C
Galle

එකම බෞද්ධයකු හෝ නැති ගමේ බෞද්ධයන් වූ මුසල්මානුවෝ

Published:

ත්‍රිකුණාමලය මඩකලපුව ප්‍රධාන මාර්ගයේ මුතූර් ප්‍රදේශයේ පිහිටි ජින්නා නගර් හි එකම බෞද්ධයකු හෝ වාසය කරන්නේ නැත.

නමුත් මේ ස්ථානයේ අපූරු බුදු මැදුරක් තිබේ. පැරණි දාගැබක් ඇතුළු බෞද්ධ නෂ්ඨාවශේෂ තිබූ ස්ථානයක යුද කාලයේ දී හමුදාව විසින් සෑදූ බුදු මැදුර වර්තමානයේ වල් බිහි වී විනාශ වී යාමට නොදී එය සුද්ද පවිත්‍ර කර ඕනෑම අයකුට ආගමික වතාවත් පැවැත්විය හැකි පරිදි නඩත්තු කරන්නේ ප්‍රදේශයේ මුස්ලිම් ජාතිකයන් විසින් වීම විශේෂත්වයකි.

වෙසක්, පොසොන් වැනි පොහොය දිනවල දී එම ස්ථාන බොදු සැරසිළිවලින් අලංකාර කිරීමට ද ඔවුහු කටයුතු කරති.

ආගමික සංහිදියාව මේ යැයි අපූරුවට ලොවට පෙන්වාදෙන මේ ස්ථානය ත්‍රිකුණාමලය මඩකලපුව ඒ 15 මාර්ගයේ ගමන් කරන බොහෝ දෙනකුගේ අවධානයට ලක්වූ තැනකි.

(මංගලනාත් ලියනාරච්චි)

Related articles

Recent articles

error: Content is protected !!