24.9 C
Galle

ඇතින්න හා පැටවා සම්බන්ධයෙන් නීතිපතිගේ ඉල්ලීම සම්බන්ධයෙන් තීරණයක් නෑ

Published:

“සුජීවා” ඇතින්න සහ ඇගේ පැටවා මුල් අයිතිකරු වෙත මුදා හරින ලෙස නීතිපතිවරයා කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයාගෙන් කරන ලද ඉල්ලීම සම්බන්ධයෙන් තීරණයක් ගත නොහැකි බව ප්‍රධාන මහසේත්‍රාත් බුද්ධික ශ්‍රී රාගල අද (24) ප්‍රකාශ කළේය.

ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා කියා සිටියේ එම ඉල්ලීමට ඉඩ ලබාදුනහොත් එය අභියාචනාධිකරණනය හෑල්ලුවට ලක්කිරීමක් බවයි. මේ වනවිට එම කරුණ සම්බන්ධයෙන් අභියාචනාධිකරණයේ නිරීකෂණය සිදුවන බැවින් එම තීන්දුව ලැබෙන තුරු ඇතින්න හා පැටවා නිදහස් කිරීම සම්බන්ධව තීරණයක් නොගන්න බව ද හෙතෙම කීවේය.

ඇතින්න හා ඇගේ පැටවා මුල් අයිතිකරු වෙත භාරදෙන ලෙස නීතිපතිවරයා නියෝජනය කරමින් නියෝජ්‍ය සොලිස්ටර් ජනරාල් ඩිලාන් රත්නායක අධිකරණයෙන් ඉල්ලා තිබිණි.

කූඨ ලේඛණ සකස් කරමින් අලි ඇතුන් සන්තකයේ තබා ගැනීමේ සිද්ධියට අදාළ මහේස්ත්‍රාත් පරීක්ෂණය අද (24) යළි කැදවූ අවස්ථාවේදී මෙම කරුණු ඉදිරිපත් විය.

Related articles

Recent articles

error: Content is protected !!