29.5 C
Galle

ඉන්දියාවට ණය වී තෙල් ගෙන්වීමට රජය උත්සාහ ගනී

Published:

ශ්‍රී ලංකාවේ විදේශ සංචිත හිඟය හේතුවෙන් ඉන්ධන මිල දී ගැනීම සඳහා ඉන්දීය රජයෙන් ඇමෙරිකානු ඩොලර් මිලියන 500ක ණය මුදලක් ලබාගැනීම කෙරෙහි රජයේ අවධානය යොමුව තිබේ.

මේ වනවිට දකුණු ආසියානු කලාපයේ විදේශ මුදල් සංචිත අඩුම රටක් බවට ශ්‍රී ලංකාව පත්ව ඇති බව මහ බැංකු වාර්තා අනුව පෙනී යයි. වැඩිම මුදල් සංචිත ඇති රට ලෙස දකුණු ආසියානු කලාපයෙන් ඉන්දියාව පෙරමුණ ගෙන තිබේ. මුදල් සංචිත අවම වීම හේතුවෙන් ඉන්ධන ඇතුළු අත්‍යාවශ්‍ය භාණ්ඩ මිල දී ගැනීමේ ගැටලුවක් පැන නැගී ඇත.

මේ සම්බන්ධයෙන් බලශක්ති අමාත්‍යාංශය රටවල් කිහිපයක් සමඟ මීට පෙර සාකච්ඡා පවත්වා තිබිණි.

ණය මුදලක් ලබාගැනීම සම්බන්ධයෙන් ඉන්දියාව සමඟ ඇති කොන්දේසි පිළිබඳ මෙතෙක් අනාවරණය වී නැත.

Related articles

Recent articles

error: Content is protected !!