27.1 C
Galle

එල්ල‍ේ ක්‍රීඩකයාගේ ඝාතනයට සැකපිට හමුදා කඳවුරේ අණදෙන නිලධාරීත් අත්අඩංගුවට ගනී

Published:

තොටළඟ එල්ලේ කණ්ඩායමේ නායකයාගේ ඝාතනය සම්බන්ධයෙන් සැකපිට මට්ටක්කුලිය යුද හමුදා කඳවුරේ අණදෙන නිලධාරීවරයා යුද හමුදා පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන  ඊයේ (29) සවස පොලිසිය වෙත භාර දී තිබේ.

මෙලෙස ඔහු අත්අඩංගුවට ගෙන භාර දී ඇත්තේ එල්ලේ ක්‍රීඩකයා ඝාතන සිද්ධියට ඔහු සම්බන්ධ යැයි සැකයක් පවතින බැවින් පොලිසිය විසින් යුද හමුදා පොලිසියෙන් කරන ලද ඉල්ලීමකට අනුවය.

රාගම බටුවත්තේ පදිංචි අකිල සම්පත් රත්නසිරි (36) නමැති තිදරු පියා මෙලෙස ඝාතනය වී තිබිණි.

මෙම ඝාතනය සම්බන්ධයෙන් සැකපිට සමිට්පුර හිටපු ග්‍රාම නිලධාරිනිය වූ ඔහුගේ බිරිඳ සහ මට්ටක්කුලිය යුද හමුදා කඳවුරේ සේවය කරමින් සිටි සෙබළු 13 දෙනකු අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කර තිබිණි. ඔවුන් මේ වනවිට රිමාන්ඩ් භාරයට පත්කර ඇත.

Related articles

spot_img
error: Content is protected !!