27.1 C
Galle

පොලිසියත් එක්ක බෑ. ග්‍රාම නිලධාරීවරු කියති

Published:

සුදුසුකම් නොමැතිව දේශපාලන වුවමනාවට පත්කරන ලද පොලිස් ස්ථානාධිපතිවරු ඉවත් කිරීමට පොලිස්පතිවරයා පියවර නොගන්නේ නම්, පොලිසිය සමඟ රාජකාරී කිරීමෙන් ග්‍රාම නිලධාරීන් ඉවත්න බව ශ්‍රී ලංකා ග්‍රාම නිලධාරි සංගමයේ ජාතික සංවිධායක නෙවිල් විජේරත්න කියයි.

ඔහු මේ බව කියා සිටියේ මහනුවර දී ඊයේ (22) මාධ්‍ය හමුවක් පවත්වමිනි.

දේශපාන වුවමනාවට පත්කර ඇති පොලිස් ස්ථානාධිපතිවරු සම්බන්ධයෙන් ග්‍රාම නිලධාරීන් වාර්තාවක් සකස්කර පොලිස්පතිවරයාට බාර දෙන බවත් ඔවුන් පවසයි.

මෙලෙස සුදුසුකම් නොමැති පුද්ගලයන් පොලිස් ස්ථානාධිපතිවරු ලෙස පත්කිරීමෙන් අපරාධ ඉහළ යන බව ද ඔහු කියා සිටියේය. ග්‍රාම නිලධාරීන් පවසන්නේ සුදුසු නිලධාරීන් පොලිස් ස්ථානාධිපතිවරු ලෙස පත්කරන තෙක් තම විරෝධය දිගමට පවත්වාගෙන යන බවයි.

Related articles

spot_img
error: Content is protected !!