30 C
Galle

අවුරුදු උත්සවයේ අන්තරාදායක ලෙස රිය පැදවූ තරුණයා අත්අඩංගුවට

Published:

කටුනායක, හීනටියන මහගම ප්‍රදේශයේ ඉකුත් අප්‍රේල් 18 වනදා පැවති අවුරුදු උත්සවයක් අතරතුර මහජනතාවට සහ දේපළවලට අනතුරුදායක වන අයුරින් අපරික්ෂාකාරී ලෙස ලෙස රිය පැදවූ තරුණයෙකු කටුනායක පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ.

අවුරුදු උත්සවයේ පාපැදි තරඟයක් ඉදිරියෙන් සුදු පැහැති ‘වෙසල්’ වර්ගයේ සුඛෝපභෝගී රථයක් මාර්ගය දෙපස සිටි ජනයා භීතියට පත් කරමින් ධාවනය කරන ආකාරය දැක්වෙන වීඩියෝවක් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වීමත් සමඟ, කොළඹ රථවාහන කොට්ඨාසය සහ කටුනායක පොලීසිය ඒකාබද්ධව සිදුකළ විමර්ශනයකින් පසු මෙම අත්අඩංගුවට ගැනීම සිදු කර ඇත.

මිනුවන්ගොඩ ප්‍රදේශයේ පදිංචි 26 හැවිරිදි මෙම සැකකරු මත්ද්‍රව්‍ය පරීක්ෂාව සඳහා මීගමුව රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරීවරයා වෙත ද ඉදිරිපත් කර ඇත.

මිනුවන්ගොඩ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ඔහු එළඹෙන මැයි 04 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියෝග කර තිබේ.

Related articles

Recent articles

error: Content is protected !!