27.7 C
Galle

ඩයලොග් ආසියාටා වත්කම් රුපියල් බිලියන 460 ඉක්මවයි

Published:

අද (12) කොළඹ කොටස් වෙළඳපල ගනුදෙනු අවසානයේ රුපියල් මිලියන 458ක පිරිවැටුමක් වාර්තා කළ ඩයලොග් ආසියාටා සමාගම දිනයේ වැඩිම පිරිවැටුම වාර්තා කළ අතර ඒ අනුව දිනය අවසානයේ ඩයලොග් ආසියාටා සමාගමෙහි සම්පූර්ණ කොටස් වත්කම රුපියල් බිලියන 460 ඉක්මවීම විශේෂත්වයකි. කොළඹ කොටස් වෙළඳපළ සමාගමක් රුපියල් බිලියන 460ක සීමාව ඉක්මවන ලද්දේ දීර්ඝ කාලයකට පසුව වීම තවත් විශේෂත්වයකි.

අද කොටස් වෙළඳපල ගනුදෙනු 23,505ක් සිදුකරමින් සමස්ත පිරිවැටුම රුපියල් මිලියන 2,975ක් වාර්තා වූ අතර කොටස් මිල දර්ශකය ඒකක 124ක් ඉහළ යාම හේතුවෙන් දිනය අවසානයේ සමස්ත කොටස් මිල දර්ශකය වාර්තා වූයේ ඒකක 22,157ක් ලෙසිනි. සංවෘත කවයේ ගනුදෙනු රුපියල් මිලියන 725කි.

වැඩිම පිරිවැටුමකින් කොටස් ගනුදෙනු වූ සමාගම්

  • ඩයලොග් ආසියාටා සමාගම මිලියන 458
  • කගෝ බෝට් සමාගම මිලියන 371
  • ජෝන් කීල්ස් සමාගම මිලියන 173

වැඩිම කොටස් ප්‍රමාණයක් ගනුදෙනු වූ සමාගම්

  • ඩයලොග් ආසියාටා සමාගම කොටස් මිලියන 9.1
  • ජෝන් කීල්ස් සමාගම කොටස් මිලියන 8.3
  • ආසිරි සර්ජිකල් සමාගම කොටස් මිලියන 5.8

වැඩිම ප්‍රතිශතයකින් කොටස් මිල ඉහළ ගිය සමාගම්

  • ඉන්ෂුවර් මී සමාගම 25%
  • ඉන්ඩස්ට්‍රියල් ඇස්හෝල්ට් සමාගම 20%
  • කාගෝ බෝට් සමාගම 17%

අද දිනය අවසානයේ වටිනාම සමාගම

  • ඩයලොග් ආසියාටා සමස්ත වත්කම් රුපියල් බිලියන 460
  • කොමර්ෂල් බැංකුව සමස්ත වත්කම් රුපියල් බිලියන 369
  • ජෝන් කීල්ස් සමාගම සමස්ත වත්කම් රුපියල් බිලියන 349

විදේශ ආයෝජකයන් අද දිනයේ රුපියල් මිලියන‍ 68ක කොටස් මිල දී ගත් අතර රුපියල් මිලියන 179ක කොටස් විකුණා තිබිණි. ඒ අනුව ඔවුන් රුපියල් මිලියන 112ක මුදලක් කොටස් වෙළෙඳ පොළින් ඉවත්කර ඇත.

  • ලංකා මිල්ක් ෆුඩ්ස් සමාගම රුපියල් මිලියන 23
  • පික්මී සමාගම රුපියල් මිලියන 09
  • ඩිස්ටලරීස් සමාගම රුපියල් මිලියන 06

විදේශ ආයෝජකයන් විසින් කොටස් විකුණන ලද සමාගම්

  • ඩයලොග් ආසියාටා සමාගම රුපියල් මිලියන 152
  • අමානා බැංකුව රුපියල් මිලියන 10
  • ටෙක්ස්ටර්ස් ජර්සි සමාගම රුපියල් මිලියන 01

විශ්ලේෂණය – නීතිඥ රජීන්ද්‍ර නාරංගොඩ

Related articles

spot_img
error: Content is protected !!