30.3 C
Galle

විදේශ ආයෝජකයන් වැඩි වැඩියෙන් කොටස් මිලදී ගනී

Published:

අද (11)කොටස් වෙළඳපල ගනුදෙනු අවවසානයේ දිනයේ පිරිවැටුම රුපියල් මිලියන 4815ක් ලෙස වාර්තා වූ අතර විදේශීය ආයෝජකයන්ගේ විකිණීම් අභිබවා කොටස් මිලදී ගැනීම් කැපී පෙණින. ඒ අනුව දිනය අවසානයේ විදේශීය ආයෝජකයන් රුපියල් මිලියන 168ක කොටස් මිලදීගෙන තිබූ අතර රුපියල් මිලියන 122ක කොටස් විකුණා ඇත. ඒ අනුව ශුද්ධ ලෙස අද දිනය තුළ පමණක් විදේශීය ආයෝජකයන් විසින් රුපියල් මිලියන 46ක මුදලක් කොටස් වෙළඳපල වෙත අලුතින් ආයෝජනය කර තිබේ.

අද කොටස් වෙළඳපල ගනුදෙනු 33,283ක් සිදුකරමින් සමස්ත පිරිවැටුම රුපියල් මිලියන 4,815ක් වාර්තා වූ අතර කොටස් මිල දර්ශකය ඒකක 90ක් පහළ යාම හේතුවෙන් දිනය අවසානයේ සමස්ත කොටස් මිල දර්ශකය වාර්තා වූයේ ඒකක 22,032ක් ලෙසිනි. සංවෘත කවයේ ගනුදෙනු රුපියල් මිලියන 729කි.

වැඩිම පිරිවැටුමකින් කොටස් ගනුදෙනු වූ සමාගම්

  • ඩිප් ප්‍රඩක්ට් සමාගම මිලියන 616
  • ආසිරි සර්ජිකල් සමාගම මිලියන 447
  • ඩී එෆ් සී සී බැංකුව මිලියන 412

වැඩිම කොටස් ප්‍රමාණයක් ගනුදෙනු වූ සමාගම්

  • ආසිරි සර්ජිකල් රෝහල් සමාගම කොටස් මිලියන 36
  • ඉන්ඩස්ට්‍රියල් ඇස්හෝල්ට් සමාගම කොටස් මිලියන 16
  • සිට්‍රස් හික්කඩුව සමාගම කොටස් මිලියන 11

වැඩිම ප්‍රතිශතයකින් කොටස් මිල ඉහළ ගිය සමාගම්

  • මර්කන්ටයිල් ෂිපින් සමාගම 08%
  • අගලවත්ත වැවිලි සමාගම 08%
  • යෝර්ක් ආකේඩ් සමාගම 07%

අද දිනය අවසානයේ වටිනාම සමාගම

  • ඩයලොග් ආසියාටා සමස්ත වත්කම් රුපියල් බිලියන 457
  • කොමර්ෂල් බැංකුව සමස්ත වත්කම් රුපියල් බිලියන 369
  • ජෝන් කීල්ස් සමාගම සමස්ත වත්කම් රුපියල් බිලියන 349

විදේශ ආයෝජකයන් අද දිනයේ රුපියල් මිලියන‍ 168 කොටස් මිල දී ගත් අතර රුපියල් මිලියන 122ක කොටස් විකුණා තිබිණි. ඒ අනුව ඔවුන් රුපියල් මිලියන 46ක මුදලක් කොටස් වෙළෙඳ පොළ ආයෝජනය කර ඇත.

  • හැටන් නැෂනල් බැංකුව රුපියල් මිලියන 79
  • කොමර්ෂල් බැංකුව රුපියල් මිලියන 34
  • ගෝල් ෆේස් කැපිටල් සමාගම රුපියල් මිලියන 20

විදේශ ආයෝජකයන් විසින් කොටස් විකුණන ලද සමාගම්

  • ඩී එෆ් සී සී බැංකුව රුපියල් මිලියන 84
  • අමානා බැංකුව රුපියල් මිලියන 13
  • ඩිප් ප්‍රඩක්ට් සමාගම රුපියල් මිලියන 02

විශ්ලේෂණය – නීතිඥ රජීන්ද්‍ර නාරංගොඩ

Related articles

spot_img
error: Content is protected !!