26.8 C
Galle

නිවසකට කඩා වැදී නිවැසියෙක් ඝාතනය කරලා

Published:

බදුල්ල ළිඳමුල්ල ප්‍රදේශයේ නිවසකට ඇතුළු වූ පිරිසක් යකඩ බටවලින් පහර දී ඊයේ (02) සවස නිවැසියකු ඝාතනය කර ඇතැයි පොලිසිය පවසයි.

දැඩි ලෙස පහරකෑමට ලක්ව සිටි එම පුද්ගලයා බදුල්ල රෝහලට ඇතුළත් කරනවිට මියගොස් සිටි බව රෝහල් ආරංචිමාර්ග සඳහන් කරයි.

මෙලෙස ඝාතනයට ලක්ව ඇත්තේ 65 හැවිරිදි පුද්ගලයෙකි. එම ඝාතනය සම්බන්ධ සැකකරුවන් 03 දෙනකු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති අතර එම ප්‍රදේශයේ ම පදිංචි 21,24 හා 31 හැවිරිදි පුද්ගලයන් තිදෙනකු මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත.

ඔවුන් තිදෙනා අද බදුල්ල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත අතර මියගිය පුද්ගලයාගේ පශ්චාත් මරණ පරීක්ෂණය ද අද (03) පැවැත්විමට නියමිතය.

Related articles

spot_img
error: Content is protected !!