27.5 C
Galle

ත්‍රී රෝද රථ, ටිපර් අනතුරින් දැරියන් දෙදෙනකු මරුට

Published:

කුලියාපිටියේ දී අද (03) සවස සිදුවූ රිය අනතුරකින් දැරියන් දෙදෙනකු මියගොස් ඇතැයි පොලිසිය පවසයි.

මෙලෙස මියගොස් ඇත්තේ නාරම්මල පැන්තැනිගොඩ ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 08ක සහ වයස අවුරුදු 17ක දැරියන් දෙදෙනෙකි.

රාමසාන් උත්සවය වෙනුවෙන් ඥාති නිවසකට යමින් තිබූ ත්‍රී රෝද රථයක් හෙට්ටිපොළ දෙමටව දී ලොරියක ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇත.

මියගිය දැරියන් දෙදෙනාගේ මව, පියා සහ සොහොයුරා අනතුරින් තුවාල ලබා කුලියාපිටිය රෝහලට ඇතුළත් කර ඇත.

පොලිසිය පවසන්නේ ටිපර් රථයේ අධික වේගය මෙම අනතුරට හේතුවක් වන්නට ඇති බවයි. එහි රියදුරා මේ වනවිට පොලිස් අත්අඩංගුවේ පසුවෙයි.

Related articles

spot_img
error: Content is protected !!