26.8 C
Galle

ජනපති සීයා මිනිපිරියගේ සුරතල් දැක සතුටු වෙයි

Published:

තම මිනිපිරිය පළමුවරට දැක ගැනීමට හැකි වූ බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සිය නිල facebook ගිනුමේ සටහනක් තබා ඇත.

පසුගිය දා එක්සත් ජාතීන්ගේ සමුළුවට ඇමෙරිකාවට ගිය අවස්ථාවේ දී ජනාධිපතිවරයා සිය මිනිපිරිය දැකීමට ගොස් තිබිණි.

සිංහල, දෙමළ සහ ඉංග්‍රීසි භාෂා තුනෙන් ම තබා ඇති එම සටහනේ මෙසේ සඳහන් කර ඇත.

“එක්සත් ජාතීන්ගේ සමුළුවට සහභාගී වීමට ඇමරිකාවට ගිය අවස්ථාවේදී මගේ මිනිපිරිය පළමු වතාවට දකින්න අවස්ථාව ලැබුණා. මගේ පුතු මනෝජ්ට සහ ඔහුගේ බිරිඳ සෙව්වන්දි දියණියට ඔවුන්ගේ කුළුඳුල් දරුවාට මා සුබ පැතුම් එක්කළා.”

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ එකම පුතු වන මනෝජ් රාජපක්ෂගේ බිරිඳ සෙව්වන්දි පසුගිය මැයි මාසයේ දී මව් පදවිය ලැබුවාය. ඔවුහු මේ වනවිට ඇමෙරිකාවේ වාසය කරති.

Related articles

spot_img
error: Content is protected !!