ලෝකයේ භාවිතාවන සමාජ මාධ්‍ය තුළ සහ අනිකුත් අන්තර්ජාල සේවාවන් තුළ අන්තර්ගතයන් ස්වයංව නියාමනය කිරීමෙ වැඩදියුණි කිරිමේ කාර්යයට දායක වීමට සියලු දෙනාට අවස්ථාව උදා වී ඇත.
මේ සම්බන්ධයෙන් මහජන අදහස් විමසීම SafeWebLK මගින් සිදුකරයි.
සමාජ මාධ්‍ය භාවිතා කිරිමේ දී වෛර ප්‍රකාශන, නිරුවත් දර්ශන, ජාති සහ ආගම්වාදී ප්‍රකාශ සහ දුස් තොරතුරු නියාමනය කිරීමෙ දැනටත් සිදුවන්නකි. ඒ සඳහා සමාජ මාධ්‍ය වේදිකා බොහොමයක් තම තමන් විසින් ගොඩ නගාගත් ප්‍රජා ප්‍රමිතීන් පවත්වාගෙන යයි.
මෙම සමාජ මාධ්‍ය භාවිතා කළ ශ්‍රී ලාංකික ඔබ ද ඒවා භාවිතා කිරීමේ දී විවිධ අවවාදාත්මක උපදෙස්, අවහිරකිරීම්වටල ඇතැම් විට ලක්වී තිබෙන්නට හැකි අතර නැතිනම් එවැනි අවස්ථාවලට ඉදිරියේ දී මුහුණ දීමට සිදුවනු ඇත. ස්වයං නියාමන ක්‍රමවේදයක අවශ්‍යතාවක් ඇතිව තිබෙන්නේ එබැවිනි.
SafwWebLK මුල පිරුම එවැනි ස්වයං නියාමන ක්‍රියාවලියක් වැඩිදියුණු කිරීම සඳහා මහජන අදහස් ලබාගැනීම ආරම්භ කර ඇත. කවර ආකාරයක හෝ සමාජ මාධ්‍ය වේදිකාවක් ඔබ භාවිතා කරන්නේ නම් ඔබගේ අදහස් දැක්වීම ශ්‍රී ලංකාව තුළ එවැනි ස්වයං නියාමන ක්‍රියාවලියක් වැඩිදියුණු කිරීමට මහෝපකාරී වනු ඇත.
එහි අරමුණ වන්නේ දුස්තොරතුරු, වෛරී ප්‍රකාශ, සයිබර් විනෝද හිංසනය සහ අන්තර්ජාල හිංසනය සම්බන්ධයෙන් ප්‍රතිචාර දැක්වීමයි.
ඔබ දක්වන අදහස් අන්තර්ජාල ආරක්ෂාව සම්බන්ධ ක්ෂේත්‍රයේ භාවිතා සංග්‍රහයක් ලෙස ලේඛනගත කරනු ලැබේ. ගෝලීය අන්තර්ජාල සමාගම් ශ්‍රී ලංකාව සම්බන්ධ අන්තර්ජාල අන්තර්ගතයන් ස්වයං නියාමනයට ලක්කිරීම ශක්තිමත් කිරීම එහි අරමුණයි.
මහජන අදහස් හා යෝජනා අන්තර්ජාල ප්‍රශ්නාවලියක් ඔස්සේ ලබාදිය හැකිය. එම ප්‍රශ්නාවලිය සිංහල, දෙමළ, ඉංග්‍රීසි යන භාෂා තුනෙන්ම ලබාගතහැකිය
ඒ සඳහා සබැඳිය පහත දක්වා ඇත.
https://docs.google.com/forms/d/1dysdk6G91tZNIY0XDucccbV_jl6bLWkYb0tNZU3DOfY/edit?ts=62556c54
මෙම ප්‍රශ්නාවලියට පිළිතුරු සැපයිය හැක්කේ 2022 ජූනි 25 දින දක්වා පමණි. මෙය ඔබේ මිතුරන් අතරට ද යවමින් සමාජ මාධ්‍ය භාවිතය සඳහා ස්වයං නියාමන ක්‍රමවේදයක් සැකසීමේ කාර්යයට දායක වන මෙන් ඉල්ලා සිටිමු.
පසුගිය මාර්තු මාසයේ මැදදී කොළඹදී පවත්වන ලද බහුපාර්ශ්වීය වැඩසටහනකදී දියත් කරන ලද SafeWebLK යනු Factum විසින් මෙහෙයවනු ලබන මහජන අභිලාෂ සම්බන්ධ මුලපිරුමකි. Factum යනු ජාත්‍යන්තර සම්බන්ධතා කෙරෙහි අවධානය යොමුකරනු ලබන ශ්‍රී ලංකාව පාදක කරගත් බුද්ධි මණ්ඩපයකි.
ගෝලීය හා ආසියානු තාක්ෂණික සමාගම් සමග සම්බන්ධීකරණය මෙහෙයවනු ලබන්නේ කලාපීය කර්මාන්ත සන්ධානය වන Asian Internet Coalition (AIC) විසිනි.
කෙටුම්පත් කරනු ලබන භාවිතා සංග්‍රහය https://factum.lk ෆැක්ටම් වෙබ් අඩවියේ පළවනු ඇත. එය මහජන සමාලෝචනය හා අදහස් දැක්වීම සඳහා විවෘතය.
වැඩිදුර විස්තර සඳහා විමසීම් යොමුකරන්න:
ඔමාර් රාජරත්නම්, Factum.lk
දුරකථනය: +94 777 173 452
ඊමේල්: [email protected]


