24.3 C
Galle

සුදුලූනු වංචාවට සැකපිට ව්‍යාපාරිකයෙක් අත්අඩංගුවට

Published:

සුදු ලූනු වංචාවට සැකපිට කෝටිපති ව්‍යාපාරිකයකු අත්අඩංගුවට ගත් බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පවසයි.

ඔහු සුදුලූනු තොගය මිල දී ගෙන යළි වැඩි මිළට ලංකා සතොස වෙත අළෙවි කර ඇති බවට සැකපිට මෙලෙස අත්අංගුවට ගෙන තිබේ. අත්අඩංගුවට ගත් සැකකරුගෙන් ප්‍රකාශ ලබාගැනීමෙන් අනතුරුව හෙට (07) වැලිසර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බව ද පොලිස් ආරංචිමාර්ග සඳහන් කරයි.

ආන්දෝලනාත්මක සුදුලූනු වංචාව සම්බන්ධයෙන් පෑලියගොඩ විශේෂ අපරාධ විමර්ශන ඒකකය පරීක්ෂණ ආරම්භ කළ අතර පසුව එය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තවට භාර දෙන ලදී.

Related articles

Recent articles

error: Content is protected !!