26.6 C
Galle

X-Press Pearl අත්අඩංගුවට ගන්න යැයි වරෙන්තු නිකුත් කරයි

Published:

ගිනිගෙන විනාශ වී කොළඹ වරාය ආසන්න මුහුදේ ගිලී ගොස් ඇති X-Press Pearl නෞකාව අත්අඩංගුවට ගන්න යැයි කොළඹ වාණිජ මහාධිකරණය අද වරෙන්තු නිකුත් කළේය.

මෙම නැවේ පටවා ශ්‍රී ලංකාවට ගෙන්වූ විවිධ වර්ගවල භාණ්ඩ ඇතුළත් බහාලුම් 06ක් විනාශ වීමෙන් සිදුවූ පාඩුව වෙනුවෙන් ඇමෙරිකානු ‍ඩොලර් 600,000ක් අයකර දෙන ලෙස ඉල්ලා ට්‍රයිකෝ සමාගම විසින් ගොනුකළ පෙපත්සමක් සළකා බලමින් අධිකරණය විසින් මේ නියෝගය නිකුත් කරන ලදී.

මෙම නඩුව නැවත ඔක්තෝබර් මස 21 වැනි දින කැඳවීමට නියෝග කළ අධිකරණය නැවේ හිමිකාර සමාගමට සහ එහි දේශීය නියෝජිත සමාගම ඇතුළු වගඋත්තර කරුවන්ට අධිකරණයේ පෙනී සිටින්න යැයි ද නොතීසි නිකුත් කළේය.

Related articles

spot_img
error: Content is protected !!