23.7 C
Galle

නිවසක් ගිනිගෙන 05 දෙනෙක් මරුට

Published:

නුවරඑළිය රාගලවත්තේ නිවසක් ගිනි ගැනීමෙන් දරුවන් දෙදෙනකු ඇතුළු 05 දෙනකු මියගොස් ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නිහාල් තල්දූව පවසයි.

ඊයේ රාත්‍රී හටගත් මේ ගින්නෙන් වයස 11ක පිරිමි දරුවකු, අවුරුද්දක පිරිමි දරුවකු, වැඩිහිටි කාන්තාවන් දෙදෙනකු සහ 60 හැවිරිදි පිරිමි පුද්ගලයකු මරුමුවට පත්ව ඇත.

ගින්න ඇතිවූ නිවස මේ වනවිට පොලිස් අපරාධ ස්ථාන නිලධාරීන්ගේ පරීක්ෂාවට ලක්වන අතර මහේස්ත්‍රාත්වරයා ද ඒ පිළිබඳ පරීක්ෂා කිරීමට නියමිතය.

රාගල පොලිසිය වැඩිදුර පරීක්ෂණ සිදුකරයි.

Related articles

Recent articles

error: Content is protected !!