30 C
Galle

ලාෆ් සමාගමත් ගෑස් මිල උස්සයි

Published:

ලා‍ෆ් ගෑස් සමාගම ද ගෘහස්ථ ගෑස් සිලින්ඩරයේ මිල  ඉහළ දමා තිබේ.

ඒ අනුව ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට කිලෝ ග්‍රෑම් 12.5ක ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 984.00කින් ඉහළ දමා ඇති අතර එහි නව මිල රුපියල් 2,840.00ක් දක්වා ඉහල ගොස් ඇත.

ලිට්‍රෝ සමාගම කිලෝ ග්‍රෑම් 12.5ක ගෑස් සිලින්ඩරයක් රුපියල් 1,2557.00කින් ඉහළ දැමූ අතර එහි නව මිල රුපියල් 2,750.00කි.

කිරිපිටි, තිරිඟුපිටි, ගෑස් සහ සිමෙන්ති යන අත්‍යාවශ්‍ය භාණ්ඩ  සඳහා පැවැති පාලන මිල රජය විසින් ඉවත්කිරීමෙන් පසු මෙලෙස මිල ඉහළ දැමුණු අතර සමාගම් පවසන්නේ නිෂ්පාදන පිරිවැයට සාපේක්ෂව එම මිල ඉහළ දැමුණනු බවයි.

Related articles

Recent articles

error: Content is protected !!