27.8 C
Galle

බල්ලන් රැක ගනිමින් තනිවම සිටි විදෙස් කත අභිරහස් ලෙස මියගිහින්

Published:

රඹුක්කන හිරිවඩුන්න ප්‍රදේශයේ නිවසක තනියම ජීවත් වූ 65 හැවිරදිි ජර්මන් ජාතික කාන්තාවක් අභිරහස් ලෙස මියගොස් සිටිය දී සොයාගත් බව ‍රඹුක්කන පොලිසිය කියයි.

මෙලෙස මියගොස් ඇත්තේ සබීන් මතියි නමැති කාන්තාවකි.

විසි වසරකට පමණ ශ්‍රී ලංකාවට පැමිණ වත්තල එ‍ෙඬේරමුල්ලේ පදිංචි පුද්ගලයකු සමඟ විවාහ වී ඇති ඇය පසුව දික්කසා දී ඇති බව ද අනාවරණය වී තිබේ. ඉන් පසු 2016 දී රඹුක්කන පින්නවල ප්‍රදේශයට පැමිණ ඇය එහි පදිංචිව සිටියාය.

ප්‍රදේශවාසීන් පවසන්නේ ඇය බල්ලන් ඇතිකිරීමට දැඩි ප්‍රියතාවක් දැක්වූ බවයි. ඇය මියයනවිට බල්ලන් 12ක් එම නිවසේ සිට ඇත. වීදි බල්ලන්ට ආහාර සපයන ඇය තුවාල වූ හෝ රෝගී වූ බල්ලන් නිවසට ගෙනවිත් ප්‍රතිකාර කර මුදාහරින බව ද වාර්තා වී තිබේ.

මෙම මරණය සම්බන්ධ මහේස්ත්‍රාත් පරීක්ෂණයක් ද පැවැත්වෙයි.

Related articles

Recent articles

error: Content is protected !!