32.3 C
Galle

සංචරණ සීමා උල්ලංඝනය කරමින් විශාල පිරිසක් අධිවේගී මාර්ගයෙන් දකුණට යති

Published:

කොරෝනා වසංගත අවදානම තවමත් පහව ගොස් නොමැතිවීම හේතුවෙන් පළාත් අතර සංචරණ සීමා ක්‍රියාත්මක වුව ද අද (16) දක්ෂිණ අධිවේගී මාර්ගයේ කොළඹ සිට ගාල්ල දෙසට ධාවනය වන වාහන අතිවිශාල ප්‍රමාණයක් දැකගත හැකිවිය.

18 වැනි සඳුදා දිනය රාජකාරී කරන දිනයක් වුව ද 19 සහ 20 දෙදින ද නිවාඩු දින බැවින් මෙවර සති අන්තයේ විශාල පිරිසක් මෙලෙස නිරෝධායන නීති කඩකරමින් දකුණු ප්‍රදේශය බලා ගමන් කරන්නේ රටේ නිරෝධායන නීතිය තුට්ටුවකට මායිම් නොකරමිනි.

රජය නීතිය දැඩිව ක්‍රියාත්මක කරන බව කීව ද මෙලෙස නීති උල්ලංඝනය කරන්නන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන බවක් පෙනෙන්නට නැත.

අධිවේගී මාර්ගයට පිවිසෙන ඕනෑම රථයක් පහසුවෙන් පරීක්ෂා කිරීමට හැකියාව තිබිය දී මෙලෙස නීති උල්ලංඝනය කරන්නන් අත්අඩංගුවට නොගැනීම පිළිබඳ බොහෝ දෙනකු ප්‍රශ්න කරති.

Related articles

spot_img
error: Content is protected !!