27.6 C
Galle

කඨින පිංකම් සඳහා පැනවූ සීමා සංශෝධනය කරයි

Published:

කඨින පිංකම් සඳහා පනවා තිබූ සීමාවන් යළි සංශෝධනය කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශය කටයුතු කර ඇත.

ඒ අනුව කඨින පෙරහැර උපරිම 50 දෙනකු සහභාගී කරවාගෙන පැවැත්වීමට අවසර ලබා දී ඇති අතර 20 දෙනකුට පමණක් සීමා කර තිබූ කඨින චීවර පූජාව සහ දවල් දානමය පිංකම සඳහා උපරිම සැදැවතුන් 50 දෙනකුගේ සහභාගීත්වයෙන් පැවැත්වීමට අවසර දී තිබේ.

එමෙන්ම කඨිනානිසංස ධර්ම දේශනය පැවැතවීම ද උපරිම සැදැහැවතුන් 50 දෙනකුගේ සහභාගීත් පැවැත්වීමට අවසර ලබා දී තිබේ.

Related articles

spot_img
error: Content is protected !!