29.4 C
Galle

සංචරණ සීමා කඩමින් අනුරාධපුරයට සහ කතරගමට මහ පිරිස් එති

Published:

කොරෝනා වසංගතය හේතුවෙන් පළාත් අතර සංචරණ සීමා පනවා තිබිය දී ඒවා කඩකරමින් විවිධ පළාත්වලින් අනුරාධපුරයට සහ කතරගමට අද (20) පොහොය දිනයේ මහ පිරිස් පැමිණ ඇතැයි අප වාර්තාකරුවෝ කියති.

මේ වනවිට අනුරාධපුරයේ සහ කතරගම පුදබිම්වල රථගාල් බස්නාහිර ඇතුළු පිට පළාත්වලින් පැමිණි රථ වහානවලින් පිරී ඉතිරී ගොස් තිබේ. විවිධ පුද්ගලයන් විසින් රුවන්වැලි සෑයට සහ කිරි‍ වෙහෙරට කංචුක පූජා පවත්වන බව ද වාර්තාකරුවෝ කියති.

මේ අතර සෞඛ්‍ය අංශ දිගින් දිගටම පෙන්වා දෙන්නේ සංචරණ සීමා සහ සෞඛ්‍ය නීති දැඩි සේ අනුගමනය කළ යුතු බවයි. පසුගිය සතියේ සිට නැවත වතාවක් රෝගීන් වාර්තාවීමේ වර්ධනයක් දක්නට ලැබෙන බව ද සෞඛ්‍ය අංශ පවසයි.

පළාත් සංචරණ සීමා පනවා තිබිය දි එම නීති නොතකා මෙලෙස සංචාරයේ යෙදී ඉදිරි කොරෝනා රැල්ලකට හේතුවක් විය හැකි බව සෞඛ්‍ය අංශ අනතුරු අඟවති.

Related articles

spot_img
error: Content is protected !!