27.4 C
Galle

විධායක ජනාධිපති රනිල් වික්‍රමසිංහ. ඩලස්ට වඩා ඡන්ද 52ක් හිමිවෙයි

Published:

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ 08 වැනි විධායක ජනාධිපතිවරයා ලෙස අද (20) පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ ඡන්දයෙන් රනිල් වික්‍රමසිංහ තෝරා පත්කර ගැණිනි.

මන්ත්‍රීවරු 223 දෙනකු අනුප්‍රාප්තික ජනාධිපතිවරයා තෝරාපත්කර ගැනීම සඳහා ඡන්දය ප්‍රකාශ කළ අතර එම ඡන්ද සංඛයාවෙන් ඡන්ද 04ක් අවලංගු වූ බැවින් වලංගු ඡන්ද සංඛ්‍යාව 219ක් විය.

ඉන් රනිල් වික්‍රමසිංහට ඡන්ද 134 ලැබුණු අතර ඩලස් අලහප්පෙරුමට ඡන්ද 82 ලැබිණි. අනුර කුමාර දිසානායකට ලැබුණු ඡන්ද සංඛ්‍යාව 03කි. ඒ අනුව ජනතාව විසින් බලයෙන් පහකෙරුණු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ඉල්ලා අස්වීමෙන් පසු ඔහුගේ ධූර කාලය සම්පූර්ණ කිරීමේ අනුප්‍රාප්තික ජනාධිපතිවරයා ලෙස වැඩබලන ජනාධිපති රනිල් වික්‍රමසිංහ තේරී පත්වී සිටියි.

Related articles

spot_img
error: Content is protected !!