33.9 C
Galle

Expo Lanka වටිනාකම බිලියන 400 ඉක්මවූ මෙරට පළමු සමාගම බවට පත්වෙයි

Published:

කොළඹ ‍කොටස් වෙළෙඳ පොළ ඉතිහාසයේ වාර්තා අලුත් කරමින් Expo Lanka සමාගමේ සමස්ත වත්කම් රුපියල් බිලියන 400 ඉක්මවා අද (22) වාර්තා විය.

කොළඹ කොටස් වෙළෙඳ පොළ ආරම්භ කර ගත වූ වසර 36ක ඉතිහාසයේ දී සාමගමක් බිලියන 400 ඉක්මවූ වත්කම් වාර්තා කළ පළමු අවස්ථාව මෙයයි.

මේ වනවිට කොළඹ කොටස් වෙළෙද පොළෙහි එක්ස්පෝ ලංකා සමාගමේ කොටසක් රුපියල් 207.75 බැගින් ගනුදෙනු වන අතර එක්ස්පෝ ලංකා සමාගමේ වටිනාකම රුපියල් බිලියන 405 ඉක්මවා තිබේ.

වසරක් වැනි කෙටි කාලසීමාවක් තුළ එක් කොටසක මිල රුපියල් 5.00 සිට රුපියල් 207.00 දක්වා ඉහළ යාම එක්ස්පෝ ලංකා සමාගමේ කළමනාකාරීත්වය ඉතා හොඳින් කටයුතු කිරීමත්, කොවිඩ් 19 වසංගතය හේතුවෙන් ගුවන් සහ නැව් භාණ්ඩ ප්‍රවාහනයේ දී අධික ලාභ ලැබීමට හැකිවීමත් මෙයට හේතු වී තිබේ.

එක්ස්පෝ ලංකා සමාගමේ දෙවැනි කාර්තුවේ මූල්‍ය වාර්තාව ඉතා කෙටි දිනකින් නිකුත්වීමට නියමිත අතර එමගින් මෙම සමාගම ඉහත කාර්තුවේ පමණක් රුපියල් බිලියන 10ක් ඉක්මවා ලාභ ලබාගනු ඇතැයි ආයෝජකයන්ගේ විශ්වාසය වී ඇත.

(නීතිඥ රජින්ද්‍ර නාරංගොඩ)

Related articles

Recent articles

error: Content is protected !!