27.1 C
Galle

දුම්රිය ගමන් ආරම්භයේ දී ම පැය ගණනක රස්තියාදුවක්

Published:

අන්තර් පළාත් දුම්රිය ධාවනය ආරම්භ වූ අද දින සංඥා දෝෂයක් හේතුවෙන් ප්‍රධාන දුම්රිය මාර්ගය ඇතුළු මාර්ග තුනක  කාර්යල දුම්රිය සියල්ම පැය එකහමාරත් දෙකක් අතර කාලයක් ප්‍රමාදවී ඇතැයි දුම්රිය දෙපාර්තමේන්තු ආරංචි මාර්ග කියයි.

රාගම සිට ගම්පහ දෙසට දුම්රිය විශාල ප්‍රමාණයක් එක දිගට නවතා ඇත. දෙමටගොඩ සහ මරදාන අතර සංඥා කේබලයක ඇති වූ දෝෂයක් හේතුවෙන් මෙම ප්‍රමාදය සිදුව තිබේ. මෙම කඩාකප්පල් ක්‍රියාවක් දැයි පරීක්ෂණ සිදු කරයි.

ප්‍රධාන දුම්රිය මාර්ගයේ, මුහුදුබඩ දුම්රිය මාර්ගයේ සහ පුත්තම දුම්රිය මාර්ගයේ දුම්රිය මෙසේ ප්‍රමාදයකට ලක්ව ඇත.

Related articles

spot_img
error: Content is protected !!