28.6 C
Galle

ඉන්ධන පොළිමේ දී සිදුවූ තවත් මරණයක්. දුටු සැමගේ නෙතට කඳුළක් එක්කරයි

Published:

කඩවත ඉන්ධන පිරවුම්හළක පෝළිමේ රැඳී සිටි පුද්ගලයකු හදිසියේ ම ඇද වැටී අද (20) දහවල් මියයාමෙන් පසු එහි පැමිණි ඔහුගේ බිරිඳගේ සංවේදී හැසිරීම එය දුටු කාගේත් නෙතට කඳුලක් එක්කිරිමට සමත්විය.

මෙලෙස මියගොස් තිබුණේ මාකොළ පදිංචි දොන් එඩ්මන්ඩ් රිචඩ් පෙරේරා නමැති ත්‍රී රෝද රථ රියදුරෙකි. ඔහු 70 වැනි වියේ පසුවූයේය.

එම පුද්ගලයා පෝළිමේ සිටිය දී ඇදවැටී මියයාමෙන් පසු පොලිසිය ඔහුගේ බිරිඳට ඒ බව දැනුම් දී තිබුණෙන් එතැනට පැමිණි ඇය සැමියා දියවැඩියාව සහ අධික වෙහෙස හේතුවෙන් සිහි මුර්ජා වී ඇතැයි කියමින් නැගිටුවීමට ගන්නා උත්සාහය අවට සිටි අයට දැඩි සංවේදී දර්ශනයක් වී තිබිණි.

කෙසේ වෙතත් පොලිසියේ සහය ඇතිව තම සැමියා ත්‍රී රෝද රථයකට පටවාගත් ඇය රාගම රෝහලට ඔහු රැගෙන ගියාය. ත්‍රී රෝද රථයේ දී ද සැමියාගේ සිරුර සොළවමින් ඇය හඬා වැටෙන අයුරු සටහන් වීඩියෝ දර්ශන rata.lk ඇතත් මෙවැනි අවස්ථාවක සංවේදී දර්ශන පෙන්වීම අනුමත නොකරන බැවින් අපි අනුගමනය කරන්නා වූ මාධ්‍ය සදාචාරය අනුව ඒවා ප්‍රචාරය නොකරන්නෙමු.

ඊයේ මහනුවර ඉන්ධන පිරවුම්හළක පෝළිමේ රැඳී සිටි පුද්ගලයකු ද මේ ආකාරයෙන් ඇද වැටී මියගියේය.

Related articles

spot_img
error: Content is protected !!