ලංකා ඉන්දියන් ඔයිල් සමාගම (LIOC) ද සිය ඉන්ධන මිල ගණන් ඉහළ දැමීමට පියවර ගෙන ඇත. ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව (CPC) විසින් ඊයේ (02) මධ්‍යම රාත්‍රියේ සිට ඉන්ධන මිල ඉහළ දැමීමට ගත් තීරණයට සමගාමීව මෙම තීරණය ගෙන තිබේ.
කෙසේ වෙතත්, ඛනිජ තෙල් සංස්ථාව සියලුම වර්ගයේ ඉන්ධන මිල ඉහළ දැමුවද, LIOC සමාගම මිල සංශෝධනය කර ඇත්තේ වර්ග දෙකක් සඳහා පමණකි.
ඒ අනුව ලංකා ඔටෝ ඩීසල් සහ පෙට්‍රල් 92 ඔක්ටේන් මිල ගණන් පහත පරිදි ඉහළ දමා ඇත,
- ලංකා පෙට්‍රල් 92: රුපියල් 410.00
- ලංකා ඔටෝ ඩීසල්: රුපියල් 392.00
සෙසු ඉන්ධන වර්ග වන පෙට්‍රල් 95 ඔක්ටේන් සහ සුපිරි ඩීසල් ඇතුළු අනෙකුත් සියලුම කාණ්ඩවල මිල ගණන් කිසිදු සංශෝධනයකින් තොරව නොවෙනස්ව පවතින බව LIOC සමාගම වැඩිදුරටත් අවධාරණය කරයි.


