30 C
Galle

රට පුරා යළි ගෑස් හිඟයක්

Published:

රට පුරා යළි ගෑස් හිගයක් ඇති වී තිබේ. ලාෆ් හා ලිට්‍රෝ ගෑස් සමාගම්හි ගෘහස්ථ ගෑස් සිලින්ඩර මේ වනවිට කිසිම ප්‍රදේශයකින් මිල දී ගත නොහැකි බව වාර්තා‍ වෙයි.

මේ හේතුවෙන් ගෑස් නොමැතිව පාරිභෝගික ජනතාවව දැඩි අසීරුතාවකට පත්ව සිටිති.

ලාෆ් සමාමේ සභාපති ඩබලිව්.කේ.එච්.වෑගපිටිය පවසන්නේ ඩොලර් හිගය හේතුවෙන් ලාෆ් ගෑස් හිගයක් ඇතිවී තිබෙන බවයි. එසේ වුව ද දෛනිකව ගෑස් ටොන් 300-400ක් පමණ වෙළෙඳපොළට සැපයීමට කටයුතු කරන බව ද හෙතෙම සඳහන් කරයි.

ලිට්‍රෝ සමාගමෙන් මේ පිළිබඳ විමසීමේ දී එහි නිලධාරියකු කියා සිටියේ සාමාන්‍ය පරිදි තම සමාගම ගෑස් සැපයුම සිදුකරන බවයි.

ඔහු එසේ කීව ද වෙළෙඳ පොළේ ගෑස් නැත.

අළෙවි නියෝජිතයන් පවසන්නේ දැනට දින කිහිපයක සිට තම ඉල්ලුම්වලට ගෑස් සැපයීම සිදු නොවන බවයි. මේ නිසා සෑම ප්‍රදේශයකම ගෑස් හිගයක් ඇතිව තිබේ.  

Related articles

Recent articles

error: Content is protected !!