29 C
Galle

කොරෝනා ආසාදිත දරුවන්ගේ වැඩිවීමක්

Published:

කොරෝනා වයිරසයට ගොදුරුවන දරුවන්ගේ සංඛ්‍යාව යළි ඉහළ යමින් පවතින බව රිජ්වේ ආර්යා ළමා රෝහලේ විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා පවසයි.

ඊයේ (04) කොරෝනා ආසාදිත දරුවන් 07 දෙනකු රිජ්වේ ආර්යා ළමා රෝහලට ඇතුළත් කෙරුණු අතර මේ වනවිට ආසාදිත දරුවන් 16 දෙනකු ප්‍රතිකාර ලබමින් සිටින බව ද ඔහු කීවේය.

“පසුගිය සතිය වනවිට රෝහලේ සිටි කොරෝනා ආසාදිත දරුවන් සංඛ්‍යාව 04 දෙනකු දක්වා අඩුවුණා. නමුත් සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රම කෙරෙහි වැඩි සැළකිල්ලක් නොදැක්වීම නිසා මෙවැනි වර්ධනයක් දැන් ඇතිවෙමින් තිබෙන බව දක්නට ලැබෙනවා. විශේෂයෙන් ම දරුවන් විනෝද සවාරි රැගෙන යාම වැනි දේවලින් වළකින ලෙස අපි දෙමාපියන්ගෙන් ඉල්ලා සිටිනවා. මේ විදියට දරුවන් අතර කොරෝනා පැතිරීම වැඩි වුවහොත් පාසල් විවෘත කිරීමත් අසීරු වේවි.”

සෞඛ්‍ය අංශ පෙන්වා දෙන්නේ කොරෝනා පැතිරීමේ දැඩි අවදානමක් සහිත මත්පැන් සාද, මගුල් ගෙවල්, අවමංගල උත්සව සහ පොදු රැස්වීම් ආදිය හැකිතරම් සීමා කළ යුතු බවයි.

Related articles

Recent articles

error: Content is protected !!