27.1 C
Galle

කොළඹ දැරියන් තිදෙනකු ආගිය අතක් නැතිවෙයි. පොලිස් මෙහෙයුම් අරඹයි

Published:

බාල වයස්කාර දැරියන් තිදෙනකු ඊයේ (08) සිට අතුරුදන්ව සිටින බවට කෙසෙල්වත්ත පොලිසියට පැමණිල්ලක් ලැබී ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පවසයි.

මෙම දැරියන් තිදෙනා කොළඹ 12 පදංචිකරුවන් වන අතර ඊයේ (08) උදෑසන ත්‍රී රෝද රථයකින් පිටව ගොස් ඇති අතර මේ වනතෙක් යළි නිවසට පැමිණ නැත.

අතුරුදන්ව ඇත්තේ වයස අවුරුදු 13-15 අතර වයස්වල පසුවන එකම පවුලේ සහෝදරියන් දෙදෙනකු සහ ඥාති සහෝදරියකි. ඔවුන් සතුව තිබූ ජංගම දුරකථන දත්ත විශ්ලේෂණයේ දී අනාවරණය වී ඇත්තේ ඔවුන් ඊයේ පෙරවරුවේ කොළඹ විහාර මහා දේවී උද්‍යානයේ සහ ගාලු මුවදොර පිටිියේ ගැවසී ඇති බවයි.

මේ සම්බන්ධව කෙසෙල්වත්ත පොලිසිය විමර්ශන ආරම්භ කර ඇත.

Related articles

Recent articles

error: Content is protected !!