27.6 C
Galle

උද්ඝෝෂණය අතරතුර ඇදුවැටුණු ගුරුවරිය මියයයි

Published:

ගුරු විදුහල්පති උද්ඝෝෂණයක් අතරතුර ඇද වැටුණනු ගුරුවරියක් මියගොස් ඇතැයි කොස්මෝදර පොලිසිය පවසයි.

මෙලෙස මියගොස් ඇත්තේ දෙනියායේ පදිංචි වරුණි අසංකා මධුභාෂිණී නමැති 27 හැවිරිදි අවිවාහක ගුරුවරියකි.

දෙනියාය අධ්‍යාපන කලාපයේ ගුරු විදුහල්පති විරෝධතාව අද (09) කොටපොළ දී පැවැති අතර දෙනියාය මධ්‍ය මහා විද්‍යාලයේ ප්‍රාථමික අංශයේ ගුරුවරියකි.

උද්ඝෝෂණය අතරතුර ඇදවැටුණු ඇය 1990 ගිලන්රථයකින් රෝහලට රැගෙන ගිය ද රෝහලට ඇතුළත්කරන විටත් ඇය මියගොස් සිටියාය.

ඇගේ පියා සමස්ත ලංකා වතු සේවා සංගමයේ විධායක කමිටු සාමාජිකයෙකි. දීර්ඝ කාලයක සිට හෘද රෝගයකින් පීඩා විඳි ඇය හෘද සැත්කමකට ද ලක්ව ප්‍රතිකාර ලබා ඇත. කොස්මෝදර පොලිසිය සිද්ධිය සම්බන්ධ වැඩිදුර පරීක්ෂණ පවත්වයි.

Related articles

Recent articles

error: Content is protected !!