27.6 C
Galle

පුද්ගලික අංශයේ විශ්‍රාම යාමේ වයස දීර්ඝ කරයි

Published:

පෞද්ගලික අංශයේ සේවක සේවිකාවන්ගේ විශ්‍රාම ගැන්වීමේ අවම වයස් සීමාව දීර්ඝ කිරීමේ පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවේ දී සම්මත වී තිබේ.

ඒ අනුව සම්මත වූ පනත ක්‍රියාත්මකවන දිනය වනවිට වයස අවුරුදු 52ක සම්පූර්ණ වී නොමැති සේවක සේවිකාවන්ගේ විශ්‍රාම යාමේ වයස අවුරුදු 60 දක්වා දීර්ඝ කෙරෙන අතර එම දිනය වනවිට වයස අවුරුදු 52 ඉක්මවා ඇති සේවක සේවිකාවන්ගේ වයස අනුව කාණ්ඩ තුනක් යටතේ උපරිම වයස අවුරුදු 59 දක්වා සේවයේ යෙදවීමට ද මේ පනත අනුව අවස්ථාව සැළසෙයි.

2021 මාර්තු මස 23 වැනි දා අමාත්‍ය මණ්ඩල රැස්වීමේ දී පෞද්ගලික අංශ සේවක සේවිකාවන්ගේ විශ්‍රාම වයස සංශෝධනය කිරීම සඳහා ලැබී තිබූ අනුමැතියක් අනුව මෙම පනත් කෙටුම්පත සකස්කර පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබිණි.

Related articles

Recent articles

error: Content is protected !!