29.4 C
Galle

පාලම් පාරුව පෙරැළී මව සහ දරු දෙදෙනකු ඇතුළු 06ක් මරුට. 20ක් රෝහලේ

Published:

කින්නියා කුරුඤ්ඤන්කේනී පාලම් පාරුව පෙරැළීමෙන් 06 දෙනකු මියගොස් 20 දෙනකු තුවාල ලබා ඇතැයි පොලිසිය පවසයි.

මියගිය අය අතර මව (30) දියණිය (06) සහ පුතා (3 ½) සිටින බව ද පොලිසිය පවසයි. එමෙන්ම වෙ‍නත් පවුලක දරු දෙදෙනකු ද මියගොස් ඇති බව ද පොලිසිය සඳහන් කළේය.

තුවාල ලැබූ 20 දෙනා අතරින් 19 දෙනකු කින්නියා ‍රෝහලේ ප්‍රතිකාර ලබන අතර වයස අවුරුදු 06ක දැරියක් ත්‍රිකුණාමලය රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබයි.

මෙම කලපුව හරහා පාලමක් ඉදිකිරීමට වසර ගණනාවක සිට යෝජනා කර ඇතත් එය ප්‍රමාද කිරීමට විරෝධය දක්වමින් ප්‍රදේශවාසීන් විශාල පිරිසක් කින්නියා ප්‍රාදේශීය ලේකම් කාර්යාලය වටකරමින් උද්ඝෝෂණයක නිරතවූහ.

Related articles

spot_img
error: Content is protected !!