27.2 C
Galle

ඩෙංගු රටපුරා පැතිරෙයි. දිස්ත්‍රික්ක 12ක් අධි අවධානම්

Published:

මාරාන්තික ඩෙංගු රෝගය යළි රටපුරා පැතිරීමේ අවධානමක් හටගෙන ඇති අතර මේ වනවිට දිස්ත්‍රික්ක 12ක් ඩෙංගු අධි අවදානම් කලාප ලෙස නම්කිරීමට ජාතික ඩෙංගු මර්ධන ඒකකය කටයුතු කර තිබේ.

එම දිස්ත්‍රික්ක 12 තුළ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාස 81ක ඩෙංගු රෝගීන් බහුලව වාර්තාවන බවත් මරණ කිහිපයක් සිදුව ඇති බවත් ජාතික ඩෙංගු මර්ධන ඒකකය පවසයි.

ඒ අනුව, කොළඹ, ගම්පහ, කළුතර, කුරුණෑගල, පුත්තලම, ගාල්ල, යාපනය, මහනුවර, රත්නපුරය, අම්පාර, ත්‍රිකුණාමලය සහ මාතර දිස්ත්‍රික්ක ඩෙංගු අධි අවධානම් දිස්ත්‍රික්ක ලෙස හඳුනාගෙන තිබේ. මේ වනවිට ගත වූ ජනවාරි ම‍ාසයේ දින 30 තුළ දී පමණක් ඩෙංගු රෝගීන් 7000ක් වාර්තා වී ඇති බව ද සඳහන් වේ.

Related articles

spot_img
error: Content is protected !!