අද (17) දින කොළඹ කොටස් වෙළඳපල ගනුදෙනු අවසානයේ වැඩිම කොටස් ප්‍රමාණයක් ගනුදෙනු වෙමින් කොටස් මිලියන 37ක් ගනුදෙනු වූ සියරා කේබල් සමාගමෙහි දිනය තුළ සම්පූර්ණ පිරිවැටුම රුපියල් මිලියන 10344ක් ලෙස වාර්තා විය. අද දිනයේ විශේෂත්වය වන්නේ විදේශ ආයෝජකයන් විසින් රුපියල් මිලියන 1086ක් තැන්පත් කොට ජැට් හෝල්ඩිංස් සමාගමේ කොටස් මිලියන 28ක් මිලදී ගැනීමයි. ඒ අනුව අද දිනය තුළදී පමණක් විදේශීය ආයෝජකයන් විසින් ශුද්ධ ලෙස රුපියල් මිලියන 1089ක මුදලක් කොටස් වෙළඳපල තුළ අලුතින් ආයෝජනය කර ඇත.
අද කොටස් වෙළඳපල ගනුදෙනු 16,079ක් සිදුකරමින් සමස්ත පිරිවැටුම රුපියල් මිලියන 3,734ක් වාර්තා වූ අතර කොටස් මිල දර්ශකය ඒකක 31ක් පහළ යාම හේතුවෙන් දිනය අවසානයේ සමස්ත කොටස් මිල දර්ශකය වාර්තා වූයේ ඒකක 21,701ක් ලෙසිනි. සංවෘත කවයේ ගනුදෙනු රුපියල් මිලියන 2104කි.
වැඩිම පිරිවැටුමකින් කොටස් ගනුදෙනු වූ සමාගම්
- සියරා කේබල් සමාගම මිලියන 1344
- ජැට් හෝල්ඩිංස් සමාගම මිලියන 1101
- පික්මී සමාගම මිලියන 109
වැඩිම කොටස් ප්‍රමාණයක් ගනුදෙනු වූ සමාගම්
- සියරා කේබල් සමාගම කොටස් මිලියන 37
- ජැට් හෝල්ඩිංස් සමාගම කොටස් මිලියන 28
- බ්‍රවුන්ස් ඉන්වෙස්ට්මන්ට් සමාගම කොටස් මිලියන 05
වැඩිම ප්‍රතිශතයකින් කොටස් මිල ඉහළ ගිය සමාගම්
- ස්ටෑන්ඩඩ් කැපිටල් සමාගම 15%
- කාගො බෝට් සමාගම 09%
- බේරුවල රිසෝට් සමාගම 07%
අද දිනය අවසානයේ වටිනාම සමාගම
- ඩයලොග් ආසියාටා සමස්ත වත්කම් රුපියල් බිලියන 455
- කොමර්ෂල් බැංකුව සමස්ත වත්කම් රුපියල් බිලියන 360
- ලංකා දුම්කොල සමාගම සමස්ත වත්කම් රුපියල් බිලියන 342
විදේශ ආයෝජකයන් අද දිනයේ රුපියල් මිලියන 1104ක කොටස් මිල දී ගත් අතර රුපියල් මිලියන 15ක කොටස් විකුණා තිබිණි. ඒ අනුව ඔවුන් රුපියල් මිලියන 1089ක මුදලක් කොටස් වෙළෙඳ පොළ තුළ ආයෝජනය කර ඇත.
විදේශීය ආයෝජකයන් කොටස් මිලදී ගත් සමාගම්
- ජැට් හෝල්ඩිංස් සමාගම රුපියල් මිලියන 1086
- අම්බන් කැපිටල් සමාගම රුපියල් මිලියන 07
- කොමර්ෂල් ක්‍රෙඩිට් සමාගම රුපියල් මිලියන 02
විදේශ ආයෝජකයන් විසින් කොටස් විකුණන ලද සමාගම්
- එන් ඩී බී බැංකුව රුපියල් මිලියන 05
- බ්‍රවුන්ස් ඉන්වෙස්ට්මන්ට් සමාගම රුපියල් මිලියන 03
- කේබල් සොලූෂන් සමාගම රුපියල් මිලියන 02
විශ්ලේෂණය – නීතිඥ රජීන්ද්‍ර නාරංගොඩ



