30.1 C
Galle

කාර්ගිල්ස් සමාගම වැඩිම පිරිවැටුම වාර්තා කරයි

Published:

අද (16) දින කොළඹ කොටස් වෙළඳපල ගනුදෙනු අවසානයේ කාර්ගිල්ස් සමාගමේ කොටස් මිලියන 07ක් ගනුදෙනු වෙමින් වැඩිම පිරිවැටුම ලෙස රුපියල් මිලියන 4459ක් වාර්තා විය. ඒ අනුව කාර්ගිල්ස් සිලෝන් සමාගමේ ප්‍රධාන කොටස් හිමියෙකු වන රංජිත් පේජ් මහතා විසින් කොටස් මිලියන 07ක ප්‍රමාණය විකුණා ඇති අතර එය මිලදී ගෙන ඇත්තේ සේවන අර්ථසාධක අරමුදල විසිනි. මෙම ගනුදෙනුවේ සම්පූර්ණ වටිනාකම රුපියල් මිලියන 4458කි.

අද කොටස් වෙළඳපල ගනුදෙනු 23,655ක් සිදුකරමින් සමස්ත පිරිවැටුම රුපියල් මිලියන 10,479ක් වාර්තා වූ අතර කොටස් මිල දර්ශකය ඒකක 291ක් පහළ යාම හේතුවෙන් දිනය අවසානයේ සමස්ත කොටස් මිල දර්ශකය වාර්තා වූයේ ඒකක 21,732ක් ලෙසිනි. සංවෘත කවයේ ගනුදෙනු රුපියල් මිලියන 8821කි.

වැඩිම පිරිවැටුමකින් කොටස් ගනුදෙනු වූ සමාගම්

  • කාර්ගිල්ස් සමාගම මිලියන 4459
  • කන්වීනියන්ස් ෆුඩ්ස් සමාගම මිලියන 3981
  • ඩයලොග් ආසියාටා මිලියන 265

වැඩිම කොටස් ප්‍රමාණයක් ගනුදෙනු වූ සමාගම්

  • කාර්ගිල්ස් සමාගම කොටස් මිලියන 07
  • ඩයලොග් ආසියාටා සමාගම කොටස් මිලියන 5.3
  • කේබල් සොලූෂන් සමාගම කොටස් මිලියන 4.4

වැඩිම ප්‍රතිශතයකින් කොටස් මිල ඉහළ ගිය සමාගම්

  • ඉන්ෂුවර් මී සමාගම 11%
  • කේබල් සොලූෂන් සමාගම 08%
  • ටෙස් ඇග්‍රො එක්ස් සමාගම 07%

අද දිනය අවසානයේ වටිනාම සමාගම

  • ඩයලොග් ආසියාටා සමස්ත වත්කම් රුපියල් බිලියන 456
  • කොමර්ෂල් බැංකුව සමස්ත වත්කම් රුපියල් බිලියන 364
  • ලංකා දුම්කොල සමාගම සමස්ත වත්කම් රුපියල් බිලියන 342

විදේශ ආයෝජකයන් අද දිනයේ රුපියල් මිලියන‍ 65ක කොටස් මිල දී ගත් අතර රුපියල් මිලියන 78ක කොටස් විකුණා තිබිණි. ඒ අනුව ඔවුන් රුපියල් මිලියන 13ක මුදලක් කොටස් වෙළෙඳ පොළ තුළින් ඉවත් කරගෙන ඇත.

විදේශීය ආයෝජකයන් කොටස් මිලදී ගත් සමාගම්

  • එලිෆන්ට් හවුස් සමාගම රුපියල් මිලියන 9.7
  • සතොස මෝටර්ස් සමාගම රුපියල් මිලියන 9.6
  • හේමාස් සමාගම රුපියල් මිලියන 6.5

විදේශ ආයෝජකයන් විසින් කොටස් විකුණන ලද සමාගම්

  • සී පී හෝල්ඩිංස් සමාගම රුපියල් මිලියන 27
  • ඩයලොග් ආසියාටා සමාගම රුපියල් මිලියන 08
  • අමානා තකාෆුල් සමාගම රුපියල් මිලියන 02

විශ්ලේෂණය – නීතිඥ රජීන්ද්‍ර නාරංගොඩ

Related articles

spot_img
error: Content is protected !!