ගාල්ල කොටුවේ මුහුදු තීරයේ ගල් අතර සිරවී සිටි මුහුදු කැස්බෑවෙකු ගාල්ල කොටුව පොලිස් මුරපොළේ නිලධාරීන් විසින් බේරාගෙන නැවත මුහුදට මුදාහැර තිබේ.
නොවැම්බර් 14 වැනිදා දහවල් ගාල්ල කොටු පවුරේ මුර සංචාරයේ යෙදී සිටි පොලිස් නිලධාරීන් පිරිසකට ගල් අතර සිරවී සිටි කැස්බෑවා දැකගැනීමට ලැබීමෙන් පසු මෙම මෙහෙයුම ක්‍රියාත්මක කර ඇත.
පොලිස් මුරපොළේ ස්ථානාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් ක්‍රියාත්මක වූ නිලධාරීන් පවුරෙන් පහළට බැස ගල් අතර සිටි කැස්බෑවා ආරක්ෂිතව මුදාගෙන මුහුදට යොමු කර තිබේ.
ප්‍රදේශයේ පැවති රළු මුහුදු තත්ත්වය හේතුවෙන් කැස්බෑවා රළ සමඟ වෙරළට ගසාගෙන පැමිණ ගල් අතර සිරවන්නට ඇතැයි පොලිසිය පවසයි.
තුවාල ලැබූ හෝ සිරවී සිටින මුහුදු කැස්බෑවෙකු හමු වුවහොත් බලෙන් මුහුදට තල්ලු නොකර පොලිසිය, වනජීවී නිලධාරීන් හෝ වෙරළ ආරක්ෂක අංශ දැනුවත් කිරීම වඩාත් සුදුසුය.



