26.2 C
Galle

කින්නියාවේ දී පෙරළුණු පාරුවට අවසර දුන් නගර සභාපති රිමාන්ඩ්

Published:

කින්නියාවේ කුරිඤ්ඤන්කේනි කලපුවේ පාලම් පාරුවක් පෙරැළී යාමේ සිද්ධියට අදාලව කින්නියා නගර සභාවේ සභාපතිවරයා ලබන 09 වැනි දා දක්වා රිමාන්ඩ් බන්ධනාගාර ගතකිරීමට ත්‍රිකුණාමලය ප්‍රධාන මහේස්ත්‍රාත් අබ්දුල් පයාත් රසාක් ඊයේ (25) නියෝග කළේය.

මෙලෙස රිමාන්ඩ් කරන ලද්දේ සභාපති අබ්දුල් හමීඩ් හලීම් ය.

පාලම් පාරුව පෙරැළී යාමෙන් පාසල් සිසුන් ඇතුළු 06 දෙනකු මියගොස් තවත් පුද්ගලයන් 20කට තුවාල සිදුවීමේ සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබාගැනීමට පොලිසියට පැමිණි අවස්ථාවේ ඔහු අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරනු ලැබ තිබිණි.

එම පාලම් පාරුවට අනාරක්ෂිත අයුරින් කලපුව හරහා යාත්‍රාකිරීමට නගර සභාාවෙන් අවසර ලබාදීම අතුළු කරුණු කිහිපයක් සම්බන්ධයෙන් සභාපතිවරයා අත්අඩංගුවට ගත් බව පොලිසිය අධිකරණයට දැනුම් දුන්නේය.

Related articles

Recent articles

error: Content is protected !!