26.2 C
Galle

ආචාර්ය චන්දිම ජීවන්දර “ඔම්ක්‍රෝන් විකෘතිය” ගැන කළ භයානක හෙළිදරව්ව

Published:

දකුණු අප්‍රිකාවෙන් සොයාගත් ඔම්ක්‍රොන් විකෘති කොරෝනා ‍ප්‍රභේදය ඉතාමත් භයානක විය හැකියැයි ආචාර්ය චන්දිම ජීවන්දර පවසයි.

ඔහු වැඩිදුරටත් පවසන්නේ මේ ප්‍රභේදයේ විකෘතිතා 30ක් ඇති අතර ඉන් විකෘති 10ක් ම එහි පැතිරීමට සම්බන්ධ බවයි. තවත් විකෘති 10ක් ප්‍රතිශක්තීකරණයට සම්බන්ධ බව ද ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ආසාත්මිකතා හා ප්‍රතිශක්ති විද්‍යා හා සෛල ජීව විද්‍යා අංශයේ අධ්‍යක්ෂ ආචාර්ය වෛද්‍ය චන්දිම ජීවන්දර කියා සිටියේය.

මේ හේතුවෙන් ඔම්ක්‍රෝන් විකෘති ප්‍රභේදය ඉදිරියේ ඩෙල්ටා ප්‍රභේදයටත් වඩා වේගයෙන් පැතිරයනු ඇතැයි ද එය වඩාත් දරුණු විය හැකියැයි ද පර්යේෂකයන් විශ්වාස කරන බව ද හෙතෙම පවසයි.

කෙසේ වෙතත් ඔම්ක්‍රෝන් වයිරස ආසාදිතව ඇති හඳුනාගත් පිරිස තවමත් සුළු පිරිසක් බැවින් මෙය පුරෝකථනයක් පමණක් බවත්, පර්යේෂණමගින් ඒවා සනාථ කිරීමට අවශ්‍ය බවත් ඔහු පෙන්වා දුන්නේය.

Related articles

Recent articles

error: Content is protected !!