24 C
Galle

මුහුදේ නෑමට ගිය තරුණයන් තිදෙනා නොඑන ගමන් යයි

Published:

මුහුදේ දිය නෑමට ගිය තරුණයන් තිදෙනකු මියගොස් ඇතැයි පොලිසිය පවසයි.

මෙලෙස මියගොස් ඇත්තේ ශිවලංගම් ෂකිලන් (26) මනෝහරන් දනූෂන් (27) සහ විජයකුමාර් දර්ශන් (26) නමැති තිදෙනෙකි. මුලතිව් මුහුදේ දිය නෑමට ගොස් සිටිය දී ඊයේ (05) සවස ඔවුන් අතුරුදන්ව තිබිණි. ඊයේ සවස ෂකිලන්ගේ සිරුර මුහුදු වෙරළට ගොඩගසා තිබූ අතර දනූෂන් සහ දර්ශන්ගේ සිරුරු නාවික හමුදාව විසින් අද (06) උදෑසන සොයා ගැණිනි.

මියගිය තිදෙනා වව්නියාව, මදවයිත්තිකුලම් හා තෝණිකල් ප්‍රදේශවල පදිංචිකරුවෝය.

Related articles

Recent articles

error: Content is protected !!